my ads

Tuesday, October 25, 2016

සීතල යුද්ධය ( Part 4 )


වැල්ලවත්ත



කලණ සිය  වාහනය  මුහුදු  මහා  මාර්ගයේ  කෙළවරට  මීටර  සියයකට  පමණ පෙර නතර  කරේය.  ඊට  කිලෝ  මීටර බාගයකට  පමණ දුරින් දුම්රිය මාර්ගයට දකුණු පසට  වන්නට පිහිටා  තිබුණු  අවන්හලට ඔහු මේ  යන්නේ  සිය පාසල් මිතුරා  හමු වන්නටය.  කලින් වෙන් කරවාගත්  පරිදි  අවන්හලේ  සිට මුහුදු වෙරළට  ලඟින්ම පිහිටි එළිමහන්  මේසය  වෙත  ගිය කලණ  එහි  සිටි සිය මිතුරාගේ  සිගරට්ටුව  බිම වැටෙන  පරිදි ඇඟිල්ලෙන් ඇන්නේය.

"උඹට  විනාඩි දහයක් ඉන්න බෑ  නේද ?"

" යකෝ අපි schedule  එකකට  වැඩ කරන මිනිස්සු  උඹල වගේ  බඩියන්ව කඩේ  යවන්නේ නෑ...  "   

ප්‍රධාන  පෙලේ ඔස්ට්‍රේලියානු  ගුවන් සමාගමක  පියාසර  ඉංජිනේරුවෙකු  වූ  සම්පත්  ගජෙන්ද්‍ර පෙරේරා අලුත්  සිගරට්ටුව  දල්වගන්නා  ගමන් පැවසීය.


" මොකද බන්  උඩහ  පැත්තේ  වෙන්නේ "

සම්පත් සිය වොඩ්කා  වීදුරුව  පුරවාගන්නා  ගමන් ඇසුවේය.

"කියන්න තරම් වරදකුත්  නෑ  ලොකු හොඳකුත් නෑ. අනික බන් මම මේ  ටිකේම වගේ කොළඹ. කොහොමත්   ජයසිකුරු misson  එකෙන්  පස්සේ  දපැත්තටම  ලොකු මිලිටරි  ගේමක්  දෙන්න  හයියක් නෑ"

කලණ  මදක්  වටපිට බලා මදක් සෙමින් පැවසුවේය.  

 "උඹ හදිස්සියේ මට එන්ඩ කිව්ව  හින්දයි   කඩාගෙන  ආවේ. උඹ  දන්නවනේ නිවාඩුවට  ආවම  රටේ  නැති  කතන්දර..."

බැරෑරුම්  මුහුණක් හදාගත්  කලණ  තමාගේ   කාරණාව  සිය පාසල්  මිතුරා  ඉදිරියේ   හරින්නට  විය.

"මේ photos  වල  තියන parts  උඹ අඳුරනවද ? " 


කලණ  තමන් අත තිබූ  ලිපි  ගොනුවෙන්  එලියට  වර්ණ  චායාරූප  කිහිපයක් සම්පත් දෙසට විසි කලේය.


"මේක පොඩි  air craft  එකක පාර්ට්ස්  බන්.  short range  වැඩ වලට  ගන්න ඒවා.  උඹ  එකක් ගන්නද ?"

සම්පත්  සිනාසෙමින්  ඇසුවේය.

"උඹ  නම්  ඉතින් හිනා වෙයි. මට උඹට  මුළු විස්තරේම  කියන්න විදියක් නෑ. උඹ ලංකාවෙන්  යන්න කලින් මට මේකේ  details   දීල  පලයන්."

     







No comments:

Post a Comment