my ads

Wednesday, January 13, 2016

සීතල යුද්ධය ( Part 3 )


පනාගොඩ 

"වාඩි  වෙන්න  කැප්ටන්..." 

කර්නල් ඇන්ටන්  කළුගම්පිටිය සිය බර කටහඬ අවදි කරේය.

"තමුන්ට මේ ගැන  හරියටම ෂුවර් ද?"

ශ්‍රී ලංකා  යුද්ධ හමුදා බුද්ධි අංශයට අනුයුක්තව කටයුතු කරමින් සිටි කපිතාන් කලණ  වික්‍රමසුරිය දෙස  ඔහු තියුණු බැල්මක් හෙලමින් ඇසුවේය. මීට  පෙරත් කර්නල් වරයා  වෙත මෙවැනි  බුද්ධි අංශ වාර්තා  ආවත්  ඒ සියල්ල LTTE  නායකයාගේ මහා විරු දින පුරසාරම් පමණක්ම.


"සර් මේක  උතුරෙන් අපු රිපෝර්ට් එකක් නෙමේ. යුරොප්  වල ඉන්න අපේ ඒජන්ට්  කෙනෙක් through ආපු එකක්. සේරම පර්චෙස් ඕඩර්ස් මම ෆලෝ  කරා ඔය ශිප්මන්ට් එකෙන්  බාගයක්  දැනටත්  වරායෙන් එලියට ගිහින් "


මදක් කල්පනා කර කෙටි  කලකින් විශ්‍රාම යාමට නියමිතව  සිටි කර්නල් වරයා කලේය.

"මේකයි  කළණ ප්‍රශ්නෙ.  මේක මම කළණට කියන්නේ රාජකාරියෙන් පිට දෙයක් හැටියට. තව ටික  දවසකින්  සටන් විරාමයක් එන කතාවක් තියනවා ඊට  කලින් කරන දෙයක්  කරන්න වෙනවා. මන් මේක  කොළඹ යුනිට් එකට කියන්නම් කලණ  ලබන සතියේ ඇවිල්ලා  මාව හම්බෙන්න"


තරුණ කපිතාන්වරයාගේ දෙනෙත උද්යෝගයෙන් දිලිසෙන්නට විය. සිය බුද්ධි  අංශ  වාර්තාව ක්ෂේත්‍ර මෙහෙයුමක් වන දිනය වැඩි  ඈතක නොවන  බව වැටහී තිබුණි.


කලණ පිට වී යෑමත් සමග කර්නල් වරයා බර කල්පනාවකට වැටුනේය.  ඒ වන විට ඔහුට යුද්ධය එපා වී තිබිණි. තව මාස හයකින්  ඇරඹෙන  සිය දිගු  විශ්‍රාම  දිවිය පිලිබඳ ඔහු කල්පනා කරේය. ලන්ඩන්  පදිංචි සිය දියණිය වෙත යාමට ඔහු සියල්ල  සැලසුම් කර තිබිණි.  කලණ ගෙන ආ  වාර්තාව අතට ගත් ඔහු දුරකථනය  අතට ගත්තේය. 

"මගේ සර්විස්  එක්ස්ටෙන්ෂන් එකට මම කැමතියි සර්.. මම සර්ට දැන් ලියුම අත්සන් කරලා එවන්නම්. 
අනික මට ආරක්ෂක  ලේකම්  තුමා හම්බෙන්න ඕන අදම"   

   

No comments:

Post a Comment