my ads

Sunday, August 30, 2015

සීතල යුද්ධය ( Part 1 )


ඉරණමඩු




"දැන් නම් වාහනේ එන්ඩ වෙලා.."

ජෙහාන් සිගරට්ටුවක් දල්වගනිමින් සිය රියදුරුට පැවසුවේ ඉරණමඩු වැවේ වැදී  දිලිසෙන හිරු රශ්මිය නිසා ඇස අඩවන් කරමිනි. මේ ජෙහාන්  LTTE පාලන ප්රදේශයට පැමිණි පස් වෙනි වතාවයි. මීට පෙර හැම වතාවකම ඕමන්තෙයි මුරපොළ අසලට පමණක් OMEGA සංවිධානයට අයත් වාහනයකිනුත් එතැන් සිට කොටි සංවිධානයට අයත් වාහනයකිනුත් පැමිණීමට සිදු විය. 

“අපි කොහෙද සර් රෑට නතර වෙන්නෙ මුන්ගෙ කෑම්ප් එකකද?”

තරමක්  නිහඬ සහ මහත ශරීරයක්  ඇති රියදුරු මහතා ජෙහාන්ගෙන් ඇසුවේ තරමක බිය මුසු කටහඬකිනි. නමින් කුමාර හපුආරච්චි නමින් වූ ජෙහාන්ගේ රියැදුරු දරුපවුල් කාරයෙකි. ජෙහාන්  සිය ව්‍යාපාරය පටන් ගත් දා සිටම සිය සේවකයන් ඉතා ප්‍රවේශමෙන් තෝරාගත්තේය. ජෙහාන්ගේ සේවකයෙක් වීමට ඉතා සරල අවශ්‍යතා කීපයක් සපුරාලීම ප්‍රමාණවත් විය. ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ  වලට සම්බන්ධ නොවන , දරු පවුලක් ඇති සහ වඩාත්ම වැදගත් දේ  වූ කට පරෙස්සම් කරගැනීමේ හැකියාව  ඇති කුමාර ඒ සඳහා කදිමට ගැලපුණි.
        
ජෙහාන්ගේ ව්‍යාපාරය වුයේ විදේශ රට වලට ශිෂ්‍ය විසා  සඳහා ශ්‍රී ලංකික පුර වැසියන් යැවීමය.  එහිදී  ඔහුට දකුණ හෝ උතුර කියා වෙනසක් නොතිබිණි. කෙසේ වෙතත් කිසිදු රජයේ නීතියක් නොකඩා සිය ව්‍යාපාරය  කරගෙන යාමට ඔහු ඉතා පරෙස්සම් විය.

"තමුසේ බය වෙන්න එපා මහේන්ද්‍ර ඒක  බලාගනී.  අනික මේ පැත්තට වෙන්න කලබල අඩුයි. "

ජෙහාන් පැවසුවේ රතු පාට ගෝල්ඩ් ලීෆ්  වර්ගයේ සිගරට් පැකට්ටුව කුමාර දිහාට විසි කරමිනි. එත් සමගම ඈතින් ට්‍රක් රථයක හෝ  ට්‍රැක්ටරයක හඬ ඇසෙන්නට විය. 

"තමුසේ වාහනේට වෙලා ඉන්නවා." 

ජෙහාන් කුමාරට කියමින් සුදු පහත ටොයෝටා  ඩොල්ෆින්  වර්ගයේ වහනයෙන් එලියට බැස්සේය.

"මොකද ජෙහාන් ඩ්‍රයිවර් කෙනෙක් ?"  

පරණ ටොයෝටා  කැබ් රියෙන් බැසගත්  මැදි  වයසේ යැයි  සිතිය හැකි  LTTE නිල ඇඳුමෙන් සැරසුන අයෙක් ඇසුවේය. ඔහු නමින් අකිල්  මහේන්ද්‍රන් වූ අතර පළමු  ඊළාම්  යුද්දය  ආරම්භ වීමට  පෙර කීර්තිමත් සිවිල් ඉංජිනේරුවෙක් විය. LTTE  නායකයා  විසින් ඔහුව ඔඩ්ඩුසුඩාන්  හි ප්‍රධාන අණ  දෙන නිලධාරියා ලෙස පත් කොට තිබිණ . නමුත් කුමක් හෝ හේතුවකට ඔහුව ඉරණමඩු වලට ඒවා තිබිණි.

"මේ OMEGA එකේ ඩ්‍රයිවර් කෙනෙක් බය වෙන්න දෙයක් නෑ ෂුවර් පොරක්.  දුවගේ IELTS මොකද වුණේ?"

මහේන්ද්‍රගේ ප්‍රශ්නය වත පහකට ගණන් නොගත් ජෙහාන් කෙලින්ම වැඩේට බැස්සේය. ඔහුට ඒ තරමටම LTTE  කාඩර්ලා සමග ගණුදෙනු කර පුරුදුය.

" සේරටම  6.5ක්  තියනවා ඇති වෙයි නේද? මගේ ඩෝටර් මේ දවස් වල ජැෆ්නා වල ඉන්නේ  ෆොටෝස් ටික මම මේ වීක් එකේ ගෙන්නලා දෙන්නම් ජෙහාන්ට මම ඉන්න රූම් එකක් රෙඩි  කරලා තියෙන්නේ. මගේ වෙහිකල් එක පස්සෙන් එන්න මයින්ස් තියනවා ."

අන්තිමට දුම් උගුරත් ඉරූ  ජෙහාන් අහමඩ් නොහොත් පට්ටිවිල කංකානමලාගේ ජෙහාන් පල්ලියගුරු සිගරට් කොටය විසිකර පාගමින්  වාහනයට නැග්ගේය.     

"දැන් ඉතින් සතියක් මේ හුත්තෙ හිටහන්කෝ.. "








     

         



No comments:

Post a Comment